10 April 2025


මහ කන්නයට ජලය නිකුත් කිරීම ලබන 15 සිට



මහ කන්නය සඳහා ලබන 15 වනදා සිට ජලය නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

අද (01) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී සිදු කළ සාකච්ඡාවකදී එහි ලේකම් එම්. පි. එම් වික්‍රමසිංහ ඒ බව සඳහන් කළා.

ඒ සඳහා මහවැලි අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙවර මහ කන්නයේදී කුඹුරු අක්කර ලක්ෂ 08ක වී වගා කිරීමට නියමිතව තිබෙනවා.

ලේකම්වරයා ප්‍රකාශ කළේ මහ කන්නය සඳහා ප්‍රමාණවත් ජල ධාරිතාවක් ඇති බවයි.

(colombotimes.lk)