10 April 2025


කාන්තා ලෝක කුසලානයට ලංකාවෙන් නියෝජිතයන් දෙදෙනෙක්



පන්දුවාර විස්ස 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම් කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත් වී තිබෙනවා.

ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසයි.

තරග තීරකවරියක් ලෙස මිෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම් කර තිබෙනවා.

09 වන වරටත් ක්‍රියාත්මක වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින්  තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙක් හට මෙම අවස්ථාව හිමි වනවා.

කාන්තා 20 විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 03 වනදා සිට ඔක්තෝම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.   

(colombotimes.lk)