මෙරට ආන්දෝලනයට තුඩුදුන් ජාතික තලයේ අපරාධ, වංචා හා වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමක් සිදුකර තිබෙනවා.
ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන්.
පොලිස් මූලස්ථානයේ ඊයේ (03) පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් සොයා බලා ඇති බවයි වාර්තා වෙන්නේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ එහිදි දැනට සිදු කරන විමර්ශන සහ තාවකාලිකව නවතා ඇති විමර්ශන පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, එසේ විමර්ශන නැවැත්වීමට දේශපාලනික හේතු බලපා තිබේ ද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවූ බවයි.
එමෙන්ම අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන සහ අලුතින් ආරම්භ කළ යුතු විමර්ශන තිබේ නම්, ඒවා මොනවාද යන්න පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයට ලක්වී තිබෙනවා.
(colombotimes.lk)