10 April 2025


Colombo Times Fact Check | ගුරු වර්ජනයකට යනවා - ජෝසප් ස්ටාර්ලින් කියූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න



බොහෝ මාධ්‍ය අද (26) උදෑසන වාර්තා කළ තිබුණේ තම ඉල්ලීම් ඉටු නොවුණහොත් නැවතත් ගුරු වර්ජනයකට සූදානම් බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාර්ලින් පැවසූ බවයි.

කෙසේ වෙතත් මේ පුවතේ ඇත්ත නැත්ත දැන ගැනීමට Colombo Times Fact Check අංශය අද උදෑසන ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාර්ලින් මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා.

එහිදී අප විමසා සිටියේ ඉල්ලීම් ඉටු නොවුණහොත් නැවත වැඩවර්ජනයකට සූදානම් බවට කළ ප්‍රකාශයේ ඇත්ත නැත්ත කුමක්ද යන වගයි.

එහිදී ඔහු කියා සිටියේ තමන් ප්‍රකාශ කළේ එවැන්නක් නොවන බවයි.

ඔහු සඳහන් කළේ පත් වූ නව රජය විසින් ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙල අතරතුර ගුරුවරුන් විසින් කළ ඉල්ලීම් සලකා බැලීම සිදු කළ යුතු බවට අවධාරණය කළ බව පමණයි ඔහු පවසා සිටියේ.

කෙසේ වෙතත් ඉක්මන් වැඩ වර්ජනයකට තමා කිසිසේත්ම මේ මොහොතේ සූදානම් නොවන බවයි ජෝසප් ස්ටාර්ලින් සමඟ Colombo Times Fact Check අංශය සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

(colombotimes.lk)