10 April 2025


මෙරට පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනයට ස්වීඩනයේ සහය



ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට, ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ ඊයේ (04) අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් අතර පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ස්වීඩන් තානාපතිවරයා කියා සිටියේ ස්වීඩන් රජයේ ආයෝජන සිදු කිරීමේදී මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ස්වීඩන් රජයේ  අවධානය යොමුවී ඇති බවයි.
 
එමෙන්ම ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සහ ඔවුන් මුහුණ දී ඇති වීසා දුෂ්කරතා පිළිබඳව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ස්වීඩන් තානාපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා.

(colombotimes.lk)