10 April 2025


නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් කොටු වෙයි



මත්පැන් ලීටර 57 (බෝතල් 77) ක් සමඟ සැකකරුවෙක් දළුපත ප්‍රදේශයේදී ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 64ක් වන දළුපත, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳව මීගමුව පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.     

(colombotimes.lk)