ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඔක්තෝබර් 6 වනදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එම ආයතනය සදහන් කළේ www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි.
මේ අතර කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළු ඔක්තෝබර් 10 වනදා සිට විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
T20 තරග පැවැත්වෙන දිනවලදී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ප්‍රවේශපත්‍ර අලෙවි කරන බවයි වර්තා වන්නේ.
එමෙන්ම ඔක්තෝබර් 18 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට නියමිතයි. මේ අතර එක්දින තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේදී ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව පවතිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ මෙම ප්‍රවේශපත්‍ර කවුළු උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා ද විද්‍යා මාවත ප්‍රවේශපත්‍ර කවුළුව සවස 5.30 දක්වාද අදාළ දිනවලදී විවෘතව තිබෙන බවයි.
(colombotimes.lk)