10 April 2025


සිංගප්පූරුවේ ජනගහන වර්ධනය වාර්තාගත ලෙස ඉහළට



ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංගප්පූරුවේ ජනගහනය මිලියන 6 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

එය දැක්වෙන්නේ මිලියන 6.4ක වාර්තාගත ඉහළ අගයක් ලෙසයි.

පසුගිය වසරට සාපේක්ෂව එය 2%කින් ඉහළ ගොස් තිබෙනවා.

2024 ජූනි වන විට මිලියන 6ක ජනගහනයෙන් මිලියන 4.18ක් පදිංචිකරුවන් සහ මිලියන 1.86ක අනේවාසිකයින්, විදේශ ශ්‍රම බලකාය, සංක්‍රමණික ගෘහ සේවිකාවන්, යැපෙන්නන් සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් සමන්විත වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)