10 April 2025


අයහපත් කාලගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්



නේපාලයට බලපා තිබෙන අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 150 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධික වැසි හමුවේ සිදුවූ නායයාම්වලින් සහ ජලගැලීම්වලින් අතුරුදන්වූ පුද්ගලයන් ගණන 60කට අධික බවයි.

අයහපත් කාලගුණය නොතකා නායයාම්වලින් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

මේ වන විට කත්මණ්ඩු අගනගරය ආසන්නයෙන් ගලාබසින බාග්මතී ගංගාව ඇතුළු ගංගා රැසක් අධික වර්ෂාපතනය හමුවේ පිටාර ගොස් තිබෙනවා.

එමෙන්ම හිමාලයානු කලාපයට පතිත වූ අඟල් 12.7ක් ඉක්මවූ වැසි තත්ත්වය හේතුවෙන් එම ගංගාවේ ජල මට්ටම අඩි 7කින් පමණ ඉහළ ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)