10 April 2025


රොෂාන් රණසිංහට මව්බිම ජනතා පක්ෂයේ නව තනතුරක්



හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය සමඟ එක් වුණා.

ඒ අනුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර ඔහු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසෙ පත් කෙරුණා.


(colombotimes.lk)