10 April 2025


ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයන් දෙදෙනෙක් පත් කරයි



ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ දුමින්ද හුලන්ගමුව සහ ආචාර්ය ඒ. ඒ. ජේ ප්‍රනාන්දු ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ඇති බවයි.
 

(colombotimes.lk)