10 April 2025


ජනපති ජය ශ්‍රී මහ බෝ සමිඳු වැඳ පුදා ගනියි



ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ  (05) පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ද බැහැදැක තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව ජනාධිපතිවරයා ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන් ද බැහැදැක තිබෙනවා.

ඉන් අනතුරුව රුවන්වැලි සෑය අභියස පැවති ආගමික වතාවත්වලට ජනාධිපතිවරයා එක්වී තිබෙනවා.

(colombotimes.lk)