10 April 2025


PHOTOS| ජනපති අනුර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට



සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) සහභාගී වී තිබෙනවා.
 
මෙහිදී දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා එක්වූ අතර පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.






(colombotimes.lk)