10 April 2025


ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස් කිරීම හෙටින් ඇරඹෙයි



15 වන ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම හෙටින් (07) ආරම්භ වනවා.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ ඒ සඳහා සංගණන නිලධාරීන් ගෙයින් ගෙට පැමිණෙන බවයි.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24%ක වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඇය ප්‍රකාශ කළා.

(colombotimes.lk)