ශ්‍රී ලාංකීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන මහජන බැංකුවේ ඩිජිටල්කරණ ගමන් මඟ තුළ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් සිය ඩිජිටල් බැංකුකරණ පහසුකම් සඳහා ලියාපදිංචි වි ඇති ගනුදෙනුකරුවන් පිරිස මිලියන තුන පසුකර තිබෙනවා.
මහජන බැංකුව සිය ඩිජිටල් බැංකු සේවා යටතේ අන්තර්ජාල බැංකු පහසුකම, ජංගම බැංකුකරණ යෙදවුම සහ People’s Pay Wallet App හරහා ගනුදෙනුකරුවන්ට නව්‍ය හා සුවපහසු බැංකු පහසුකම් ලබාගැනිමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
මේ පිළිබදව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කළේ ‘ගනුදෙනුකාර සුවපහසුව, සුරක්ෂිතභාවය සහ එම සේවාවන් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව යන කරුණු කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අපගේ අන්තර්ජාල බැංකු පහසුකම් සහ ජංගම බැංකුකරණ යෙදවුම් සකසා තිබෙන බවයි.
(colombotimes.lk)