06 November 2025


ගිනිඅවි භාරදෙන ලෙස හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂක ගිනිඅවිය ආරක්ෂක අමාත්‍යාංශයට වහාම භාරදෙන ලෙස දැනුම්දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසින් මේ බව මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් අහිමිවනවා.

(colombotimes.lk)