10 April 2025


ව්‍යාජ පණිවුඩයක් ගැන TRCයෙන් දැනුම්දීමක්



විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජනතාවට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවුඩවලට අදාළව බැංකු ගිණුම් විස්තර ඇතුලු පෞද්ගලික දත්ත ලබාදීමෙන් වළකින ලෙසයි.

එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මේ බව කියා සිටියේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් අවදානය යොමු කරමින්.

(colombotimes.lk)