10 April 2025


නව ජනපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය මෙන්න



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) රාත්‍රි 7.30ට සිය පළමු ජාතිය ඇමතීම සිදු කළා.
 
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය වැඩසටහන ඉදිරියට ගෙන යන අතර, කඩිනමින් සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල සහන ලබා ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම සියලුම ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමකට ඔසවා තැබිය යුතු බවද තරයේ විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

ජනතාවගේ ජන වරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එහිදී ඔහු කියා සිටියේ පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජන වරමේ විකෘතියක් බවයි.

ඒ හේතුවෙන් තමා ඊයේ (24) දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ බවත් ඔහු එහිදී කියා සිටියා.             

ඉතිහාසයේ අත්හල නොහැකි අවස්‍ථාව ලැබී තිබෙන බවත්, සියලුදෙනා එකට එක්ව විවිධත්වයන් දරාගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනැගිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ රට ගොඩ නැගීමේ සාමූහික කර්තව්‍ය ඉටු කර ගැනීම සඳහා වන කණ්ඩායමක් තමන් සමඟ සිටින බවයි.                  



(colombotimes.lk)