10 April 2025


පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැසකට වන්දි ගෙවා අවසන්



පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාලව එම වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් මේ වනවිට හානි පූර්ණ කර්යාලය වෙත ලැබී තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කියා සිටියේ ඉන් රුපියල් මිලියන 62ක මුදලක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ අය වෙනුවෙන් ගෙවා ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා අධිකරණයට දැනුම් දීමක් සිදු කළා.

ඒ අනුව ඔහු කියා සිටියේ දැනට වන්දි මුදල් හිමි වූ වින්දිතයින්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම්, දැනට දිසා අධිකරණවල පවතින වන්දි නඩු ඉල්ලා අස් කර ගත හැකි බවයි.

colombotimes.lk