10 April 2025


මිලියන 19ක් වටිනා කුෂ් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට



නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 883ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 19ක් වන බවයි වාර්තා වන්නේ.   

සැකකරු 56 හැවිරිදි වියේ පසුවන කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)