10 April 2025


පොඩි ලැසීගේ ඥාතියෙක් කොටු වෙයි



මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමඟ සැකකරුවෙක් වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.                    

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ජනිත් මදුසංඛ නොහොත් පොඩි ලැසීගේ සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතියෙක් බවයි වාර්තා වන්නේ.             

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි  වියේ පසුවනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව වැලිවේරිය පොලිස් ස්ථානය වෙත බාර දී ඇති බවයි.

(colombotimes.lk)