ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව අද (23) පස්වරුවේ මැතිවරණ කොමිසමට භාර දීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ ජාත්‍යන්තර නිරීක්ෂකයන් අද පස්වරුවේ කොමිසම හමුවට පැමිණෙන බවයි.
මෙවර මැතිවරණය ඉතාම සාමකාමී අන්දමින් පවත්වා තිබූ බව දේශීය නිරීක්ෂකයන් ද තහවුරු කර තිබෙනවා.
(colombotimes.lk)