10 April 2025


ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය



අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක හර්​ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.                    

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් 02කට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.                 

අදාළ අඩුව අද (25) කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.                 

අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.                    

(colombotimes.lk)