10 April 2025


IMF නියෝජිතයන් 02 වනදා දිවයිනට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් ලබන 02 වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවට හා IMF වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ආසියා - ශාන්තිකර කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන්ගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ඔවුන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)