06 November 2025


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්



අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබෙන තුරු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් කිසිඳු තීන්දුවක් නොගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ විභාග කොමසාරිස් ජනරාල්වරයාට සහ අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරියට එම දැනුම්දීම කර ඇති බවයි.
 
(colombotimes.lk)