10 April 2025


පළාත් 06ක ආණ්ඩුකාරවරුන් ධූරවලින් ඉවතට



පළාත් 6ක ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කළා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ ද ආණ්ඩුකාර ධූරවලින් ඉල්ලා අස් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා ද සිය ධූරවලින් ඉල්ලා අස්වන බව දන්වමින් ලිපිද නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)