එළඹෙන නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව රුපියල් බිලියන 11ක ඇස්තමේන්තුවක් මහ භාණ්ඩාගාරයට යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගියවර පාර්ලිමේන්තු ඡන්ද විමසීම සමඟ බලා එලෙස ඇස්තමේන්තුගත මුදලක් ඉදිරිපත් කර ඇති බවයි.
(colombotimes.lk)