14 April 2025


අත්හිටවූ කාර්යයන් සඳහා මැතිවරණ කොමිසමේ අනුමැතිය



අත්හිටුවා තිබූ 2024 / 2025 මහ කන්නය සඳහා පොහොර සහනාධාරය සහ ධීවර ඉන්ධන සහනාධාරය ලබාදීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ සැප්තැම්බර් මාසයේ හිඟ මුදල සමඟද ඔක්තෝබර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාමික වැටුප් සඳහා වැඩි කළ දීමනාවද ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)