10 April 2025


වතුර බෝතල්වලටත් පාලන මිලක් ?



වෙළඳපොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500 වතුර බෝතලයක් රුපියල් 70ක් වැනි මුදලකට ලබාදිය හැකි බව මධ්‍යම පළාත් ස්වාභාවික ඛනිජ ජලය නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

ඔවුන් ප්‍රකාශ කළේ ජාවාරම්කරුවන් හේතුවෙන් එම පානීය ජල බෝතල් විවිධ මිල ගණන් වලට රට පුරා අලෙවි වන බවයි.

ඒ හේතුවෙන් වහාම පානීය ජල බෝතල් සඳහා පාලන මිලක් පැනවිය යුතු බව එම සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර ඊයේ (05) මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.  

(colombotimes.lk)