10 April 2025


ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි



ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සිලොන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් යන සමාගම් ත්‍රිත්වයේ ඔහු දැරූ සභාපති තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබෙනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ නව අමාත්‍යවරයාට තමන් කැමති මණ්ඩලයක් පත් කර ගැනීමේ නිදහස ලබාදීම සඳහා තමන් තනතුරුවලින් ඉල්ලා අස්වූ බවයි.

(colombotimes.lk)