ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථයකට පොලීසිය විසින් කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කළ බව පොලීසිය පවසනවා.
මේ වන විට තුවාලකරුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)