10 April 2025


මහ මැතිවරණය සඳහා අදාළ මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය



මහ මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.                    

අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මහ මැතිවරණය සඳහා මෙම වසරේ බිලියන 5ක් වෙන් කිරීමට අනුමැතිව හිමිවී ඇති බවයි.

එසේම 2025 වසරේ අයවැයෙන් ඉතිරි රුපියල් බිලියන 6ක් වෙන් කරමින්, මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වෙන් කිරීමට අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)