10 April 2025


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට සම්බන්ධ වූ තවත් අයෙක් කොටුවෙයි



05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.                    

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක් බවයි වාර්තා වන්නේ.                 

මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥවරයෙක්ගේ මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)