10 April 2025


අනිද්දට කලින් බදු නොගෙව්වොත් එක දෙක වෙයි



2023 - 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලී අයකිරීමකට යටත් වන බවයි.

හිඟ බදු පවතී නම් ඒ සියල්ල ලබන මස 30 වනදාට හෝ ඊට ප්‍රථම ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

 
colombotimes.lk