10 April 2025


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (24) නුගේගලයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 70ක් වන කිරිවැව, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සෙවනගල පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.         

(colombotimes.lk)