ඔක්තෝම්බර් 01 වනදා සිට ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට වගබලා ගන්නා ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මාසික පදනමින් බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම ඉන්ධන සහනාධාරය සෘජුවම ධීවරයන්ගේ බැංකු ගිණුම්වලට ප්‍රේෂණය කරන බවද එම මාධ්‍ය අංශය සඳහන් කළා.
(colombotimes.lk)