10 April 2025


ප්‍රභූ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ



හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී කැඳවා තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
 
මේ වන විට  ආරක්ෂාව දී ඇති ප්‍රභූවරුන්ට පවතින ආරක්ෂක තර්ජන පිළිබඳ එහිදී සමාලෝචනයක් කිරිමට ද නියමිතව තිබෙනවා.

ඊට අමතරව එහිදී ප්‍රභූ ආරක්ෂාවට අදාළ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ද තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පොලිස් ආරක්ෂාව ද මේ වන විට ඉවත් කර තිබෙනවා.

(colombotimes.lk)