බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ මේ වන විට බිත්තරයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම හේතුවෙන්.
වෙළඳපොළෙහි බිත්තරයක් මේ වන විට රුපියල් 28ත් 32ත් අතර මිලකට අලෙවි වනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙන්නේ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන මිල පැහැදිළිව ප්‍රදර්ශනය කළ යුතු බවයි.
මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් සොයා මේ වන විට වැටලීම් ක්‍රියාත්මක බව එම අධිකාරිය සඳහන් කළා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)