20 August 2025


දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ අළුත්ගම පොලිස් වසමේ හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානය හා අළුත්ගම දුම්රිය ස්ථානයේදීයි.  

මරදාන සිට හික්කඩුව බලා ධාවනය වූ දුම්රියේ එම පුද්ගලයා ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
 
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)