10 April 2025


තායිවානයට අනතුරු ඇඟවීමක්



තායිවානයේ ඊසාන දිග ප්‍රදේශයට එරට කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ දැඩි සුළි කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවටයි.

තායිවානයේ කාලගුණ අංශ විසින් පුරෝකථනය කර ඇත්තේ ක්‍රැතම් නම් මෙම සුළි කුණාටුව පැයට කිලෝමිටර 150ට වැඩි වේගයකින් පැමිණිය හැකි බවයි.

මේ හේතුවෙන් එරට කොව්ෂින් නගරයට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර 40,000කට ආසන්න භට පිරිසක් ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)