10 April 2025


අකුරැස්ස ප්‍රදේශයේ අඹුසැමි යුවළකට දිවි අහිමි වෙයි



අකුරැස්ස ප්‍රදේශයේදී ඊයේ (25) යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් අඹු සැමි යුවළක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි යතුරුපැදිකරු සහ 32 හැවිරිදි ඔහුගේ බිරිඳ බව පොලීසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.      

(colombotimes.lk)