10 April 2025


PHOTOS| බෝට්ටුවකින් ගෙනා කේරළ ගංජා තොගයක් වටලයි



බෝට්ටුවක් මඟින් ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 104 ග්‍රෑම් 217ක ප්‍රමාණයක් අද (30) සොයා ගෙන තිබෙනවා.

ඒ ආලිපලෛ, මනල්කාඩු ප්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ.  

යුධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරින් සමඟ ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

අනතුරුව එම මත්ද්‍රව්‍ය තොගය පලෛයි පොලිස් ස්ථානය වෙත ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.





(colombotimes.lk)