ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලුම ගිනි අවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම ගිනි අවි සහ උණ්ඩ නොවැම්බර් 7 වනදාට පෙර නැවත භාර දෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ එලෙස ගිනි අවි සහ පතරොම් භාරගැනීම සිදු කරන්නේ සමාලෝචනයක් සඳහා බවයි.
(colombotimes.lk)