10 April 2025


මන්ත්‍රීවරුන් 79කට විශ්‍රාම වැටුප් අහිමි වියි



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙක්ට සිය විශ්‍රාම වැටුප් අහිමි වන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පෙරේදා විසුරුවා හැරීමත් සමඟ 2020 මහ මැතිවරණයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය වසර 05ක් ඉක්මවා නොගොස් ඇති නිසා ඔවුන්ට මෙලෙස විශ්‍රාම වැටුප් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)